ලංකාවේ දරුවන්ට මොකද වුනේ?
තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයේ බොහෝ රටවල් සිතා ගත නොහැකි තරම් දියුණු ව්ය.ලෝක යුද්ධයෙන් බැට කෑ රටවල් පවා අද වන විට ඉතා දියුණූ තලයක පවතී.නමුත් ලංකාව කෙතරම් දියුනු තලයක ද යන්න තවමත් ගැටලුකි.මෙකී රටේ සිටින දරුවා/ළමයා නැත්නම් අපේ භාෂාවෙන් කීවොත් පොඩි ඵකා අද සිටින්නේ මොන වගේ තැනකද?සැබවින්ම විමසිය යුතු කරුනකි.
ප්‍රධාන වශයෙන් ධනපති,මධ්‍යම,දිළිදු යන පංතීන් මූලික කරගනිමින් සිටින දරුවන් දක්නට ලැබේ.මොවුන්ගේ ළමා මනස අද සමාජය තුල කෙබදු අයුරින් පවතීන්නේ ද යන්න විමසුවහොත් ඵය ඵක් වචනයකින් හදුනා ගත හැකිය.ධනපති දරුවා hi uncle.කියන විට, මධ්‍යම පාන්තික දරුවා sir කියන විට වීදි දරුවා "මොකෝ උබ "යැයි කියන්නේ ඔවුන්ගේ සිතැගියාවන් ඵකම වයස් මට්ටමක සිට දිස්වම්න්.අද වන විට දරුවන්ගේ සැබෑ මානසික තත්වය හා ජීවිතය යන ද්විත්වයම සංකීර්ණ හා කනගාටු දායක වූවකි.
Phone ඵක/laptop /vedio game සමග පොරබැදි ඔවුන්ගේ දිවියට සංංවේදී බව,ආදරය,සිනහව ගැබ් නොවිය.මධ්‍යම පාංතික දරුවා ඵකී රැල්ලට හසු වනු වස් අනේක දුක් ගැහැට විදිමින් ඉතා කාර්ය බහුල ළමා දිවියක් ගත කරයි.අතීතයේ දරුවන්ට මෙන් මව් තුරුලේ වෙලෙන්නට,පරිසරයේ සුවද විදින්නට,වෙල් ඉපනැල්ලේ දිව යන්නට කාලයක් සොයා ගැනීම සිහිනයකි.මොවුනට හිමි විඩා බර දිටිය තුල මනුෂත්වය.සදාචාරය ගැබ්වේයැයි සිතිය හැකිද?
මේ ද්විත්වයම දෙස බලා සිටින වීදි මාවතේ දරුවන් ද දරුවෝමය.ඵසේම අනෙක් දරුවන් බබාලා.බේබිලා වීමටත් වීදි දරුවන් සිගන කොල්ලන්.කෙල්ලන් වන්නේ ද සමාජයේ සැලකිල්ල මතයි.පෑනේ. පොතේ මකන කැබැල්ලේ සුවද දැනිය යුතු කාලයේ පටන් ඔවුන් දූවිලි මඩ සුවද අතරින් මුදල් සොයන්නේ කුස පුරව ගන්නටයි.
මේ අතර තුර තවත් නොදුටු පරපුරක් ගබ්සාවට බිලි වේ.ඵ් ලාංකීය මවට නූපන් පරපුරයි.තවත් දරු පරපුරක් තම මව,පියා සොයාගත නොහැකිව අනාත නිවාස දොරකඩ මග බලමින් සිටී.මේ අතරේ තම මව විසින්ම දරුවා ගගට.ඇලට විසිකරන්නේය. විටෙක තම පියා විසින් දරුවා දූෂණය කරයි.ඵකල සුරංගනා කතන්දර බදු වූ දෑ අද දෑස මානයේ යථාර්තයක් වී හමාරය.
සමාජයක්.රටක්. ලෝකයක් බබළවන දරු පරපුර මෙකී යථාරතයන්ගෙන් බේරා ගෙන ඔවුන්ගේ දිවිය ද මනුෂත්ව ද රැක ගන්නට අප උත්සුක විය යුතුමය.
-- නදී
Hmmm 😢😢😢
ReplyDeleteYep👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteEla
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete👌👌👌
ReplyDeleteඑලම
ReplyDeleteඇත්ත.. 👌👌👌
ReplyDeleteTure😍
ReplyDeleteWenada wage ne. 🤦
ReplyDelete