Monday, September 2, 2019

සන්දර වලේ අන්දරය .

                     සන්දර වලේ අන්දරය  

එදා ඉරිදා දවසක් විය. පසු දින මා සිතාගත් පරිදි උදෑසනම අවදි වී මුහුණ කට සෝදා ඇද පැලද ගෙන කලු පැහැති ගමන් මල්ල ද අතට ගෙන බසයට නැග්ගේ මාගේ ගමන යෑමේ අරමුණෙනි.ජනේලයක් අසල අසුනක වාඩි වී කලපනාවක සිටි මා නින්දට වැටුණි.

         එක් විටම මුදු සිසිල් සුලගක් පැමිණ මා ගත දවටා ගත්තේ මාගේ නින්ද ද කඩා දමා දමමිනි .දෑස්  ඇර ජනේලයෙන් එබී බැලූ මා දුටුවේ රන් වන් කෙත් යායක් පසු කරමින් අලංකාර ගමක් මැදදේ සිසිල් සුලං අතරින් මා බස් රථයේ ගමන් ගන්නා බවයි.ටික දුරකින් එහි කොන්දොස්තර මහතා  "බද්දෙගම බහිනවද? ඉක්මන් කරල බැහැගන්න" යැයි පැවසූ විගස මට මේ ගම අත හැර දා යාමට ලෝබ වූ හෙයි මමත් එවිගසම බැස ගත්තෙමි.   
            බස් රථය ඈතට යත්ම එයට වැසී සිටියේ පාර අයිනක තැඹිලි විකුණන  මාමා කෙනෙකි.තිබහත් නිසාවෙන් මා ඔහු වෙත ගියේය . "මහත්තයා තැඹිලි බොනවයි?" ඔහු මගෙන් අසයි.ඒ විගස මා හට අමුතු භාෂාවක් ද කන වැකුණි. නැවත මා කලපනා කලේ "බොනවයි" කියු වචනය ගැනයි.මට සිනහවක් ද පැමිණියේය .කෙසේවෙතත් මා ඔහු සමග කතාවට වැටුණි. " ඔව් මාමේ ගෙඩියක් කපල ගමු."
"මෙ මහත්තයා නම් මෙහෙ කෙනක් නම් නෙමෙයි මයි හිතේ"
"ඔව් මාමේ මම කොලඹ මං මේ ගම දැකලා අසාවටමයි අවිදින්න ඔනේ කියලා හිතලා ආවේ.මට අදට මේ පැත්තෙ නවතින්න තැනක් නැද්ද?"
" මෙහෙ නම් පුතේ එක්කො වෙද මහත්තයාගේ ගෙදර නැත්තම් ඉස්කොලේ මහත්තයාගේ ගෙදර තමයි නවතින්න කියලා තැනකට තියෙන්නෙ ."
 මා මදක් කල්පනා කොට "හරි කම්ක් නෑ මට වෙද මහත්තයගෙ ගෙදරට යන පාර පොඩ්ඩක් කියන්වද?"
"යමු මාත් යන්නෙ ඒ පාරේ තමයි මං පෙන්නන්ම්" කියා මා සමග යන්නට පැමිණියේය.
මා ඔහු සමග මින් විවිධ දෑ කතා බස් කරමින් ආවේය. මා යන පාර කෙත් යායක් මැදදේ යන්නට තිබුණි.සැන්දෑවේ සිසිල් සුලගත් සමග ගත පිනා ගිය මා කුඩා දිය පාරක් අසල මොහොතක් ඉදගන්නට ගිය විට මා එයට වැටන්නට ගියේය . එවිගසම මාමා කෑගෑසුවේ
 " හපොයි දරුවෝ ඔතන ඉදගන්න එපා " කියමනි. මම තිගැස්සී ඒ විගසම  නැගිට්ටෙමි.
මා ඒ වතුර සහිත වල දෙස හොදින්  බලා සිටියේය.         

" ඇයි මාමේ මොකද ඒ වාඩිවෙන්න එපා කිවේ?"
මාමා බුලත් හපේ ද විසි කරමින් කතාව කියන්නට පටන් ගත්තේය.

" ඔතන මහ බලගතු තැනක් පුතේ. ඒ කාලේ මාඝ කියල හිටි දෙමළ රජ්ජුරුවන්ගේ කාලේ "සන්දර" කියලා දෙමළ සෙන්පතියක් ආන් අර දුර පේන හැඩිදෙමල කන්ද මුදුනේ ජීවත් වුනා. පස්සේ සතුරු සේනා ඇවිත්  කන්ද වට කරාට පස්සෙ සන්දර සෙනවියා එයා ලග තිබුන ධනයත් අරගෙන ඕං ඔය වලට පැනලා දිව් නසා ගත්තා.ඒ නිසා මේ වලට අදත් කියන්නෙ "සන්දර" වල කියලා.ඔයි කන්දෙ ඉදල මේ වලට කවුරුත් නොදන්න උමං මාර්ගයකුත් තියනවා. මේ වලේ කඩුක්කන් පැලදගෙන ඉන්න රත්තරං ආදෙක් ඉන්නවා.ලේසියෙන් පේන්නෙ නෑ.වස්තුවේ ආරක්ෂාවට තමා ඒ ආදා ඉන්නේ.දවසක් මේ ආදා අලන්න ගිහින් වලිගෙ ලගින් කෑල්ලක් කැපිල ඒත් ඒ විගස ම වලිගෙ බලා ඉදිද්දිම හැදිලා..ඒක කාපු උන් එදාම සේරම මලා.  තව කාලෙකට රත්තරං තැටි, පිත්තල සෙම්ඹු වගේ දේවල් මතු වෙනවා.හැබැයි පුතේ ඒවා ගන්න්වා නම් බොරු.ඕකෙන් මතු වෙන ඒවා ප්‍රයෝජනයට ගත්තොත් උන්ට එක එක විනාස දේවල් සිද්ධ වෙන්වා.දවසක් ඕං ඔය වගේ පිටින් ආපු උන්නැහේ කෙනෙක් මේකෙ තිබ්ලා දේව රූපයක් අරන් ගිහින් උන්ගේ පවුල පිටින්ම විනාස වුනා කියලා ආරංචියි. මේ වලේ මාලු ඇල්ලුවත් ඒ මිනිස්සුත් පිරිහිලා ම විනාස උනා. ඒ තරම් හාස්කමක් ඇති තැනක් පුතේ මේ සන්දර වල කියන්නෙ.
මේ වල ඉහින්නත් හුගක් අය උත්සහ ගත්තට ඒක නම් බොරු වැඩක්. ඒ දේ කරන්න හදන්න  කොටම කොහේ හරි වරුසාවක් ඇදන් වැටිල ගං වතුර ගලන තරමටම වහිනවා.කීප පාරක්ම එහම වුනා. දැන් ඉන්න උන් බලන්නෙම මේක විනාස කොරල දාන්න..මේක අපි රැක්කෙ අපේ ගමේ උරුමය වගේ..ඕං ඕකයි කතාව. " කතාවට සම වැදුන මම තිගැස්සී පියවි සිහියට ආවෙමි.
"දැන් යමු නේද  රෑ බෝවෙන්න්ත් එන්වා." මාමා ඇසීය.
"ඔව් මාමේ යමු" කියමින් කැමරාවෙන් ෆොටෝ එකක් ද රැගෙන මාමා සමග යන්නට විය.
" ගම් වල සිද්දී හරි අපූරුයි නේද මාමේ..?"
"ම්ම්ම්ම්ම්..."
"පුතේ ආන් අර තියෙන්නෙ වෙද මහත්තයාගේ ගෙදර යමු මං කියලම එන්න්ම්."කියමින ඒ වෙත ගියේය. 

"වෙද මහත්තයෝ වෙද මහත්තයෝ" කියා මාමා කතා කලේය. රැවුලක් වවා ගත් උස් හඩක් සහිතව "කව්ද....?" කියමින් ආ ඔහුට මාමා විසින් මා හදුන්වා දෙන්න්ට විය..
"ආ එන්න කොලුවෝ ඇවිත් ඉදගන්න" වෙද මහතා පැවසුවේය . මම මාමට ස්තුති කරමින් අතට ද රුපියල් 500ක් දී ගෙතුළට පැමිණියෙමි. ගමන් මහන්සියට ම ඇග පත සෝදා ඇදට වැටුන ද, "සන්දර වලේ" කතාව මා හට නිතර සිහිවන්නට විය.

-නිමි-   

HS/2016/0142
MACO 21442
ජී.කේ.වී.නදීකා දර්ශනී
ජන සන්නිවේදන අධ්‍යනඅංශය
කැලණිය විශ්වවිද්‍යාලය .
                                  
                         

Saturday, August 3, 2019

ලංකාවේ දරුවන්

ලංකාවේ දරුවන්ට මොකද වුනේ?

තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයේ බොහෝ රටවල් සිතා ගත නොහැකි තරම් දියුණු ව්ය.ලෝක යුද්ධයෙන් බැට කෑ රටවල් පවා අද වන විට ඉතා දියුණූ තලයක පවතී.නමුත් ලංකාව කෙතරම් දියුනු තලයක ද යන්න තවමත් ගැටලුකි.මෙකී රටේ සිටින දරුවා/ළමයා නැත්නම් අපේ භාෂාවෙන් කීවොත් පොඩි ඵකා අද සිටින්නේ මොන වගේ තැනකද?සැබවින්ම විමසිය යුතු කරුනකි.
                            ප්‍රධාන වශයෙන් ධනපති,මධ්‍යම,දිළිදු යන පංතීන් මූලික කරගනිමින් සිටින දරුවන් දක්නට ලැබේ.මොවුන්ගේ ළමා මනස අද සමාජය තුල කෙබදු අයුරින් පවතීන්නේ ද යන්න විමසුවහොත් ඵය ඵක් වචනයකින් හදුනා ගත හැකිය.ධනපති දරුවා hi uncle.කියන විට, මධ්‍යම පාන්තික දරුවා sir කියන විට වීදි දරුවා "මොකෝ උබ "යැයි කියන්නේ ඔවුන්ගේ සිතැගියාවන් ඵකම වයස් මට්ටමක සිට දිස්වම්න්.අද වන විට දරුවන්ගේ සැබෑ මානසික තත්වය හා ජීවිතය යන ද්විත්වයම සංකීර්ණ හා කනගාටු දායක වූවකි.
Phone ඵක/laptop /vedio game සමග පොරබැදි ඔවුන්ගේ දිවියට සංංවේදී බව,ආදරය,සිනහව ගැබ් නොවිය.මධ්‍යම පාංතික දරුවා ඵකී රැල්ලට හසු වනු වස් අනේක දුක් ගැහැට විදිමින් ඉතා කාර්ය බහුල ළමා දිවියක් ගත කරයි.අතීතයේ දරුවන්ට මෙන් මව් තුරුලේ වෙලෙන්නට,පරිසරයේ සුවද විදින්නට,වෙල් ඉපනැල්ලේ දිව යන්නට කාලයක් සොයා ගැනීම සිහිනයකි.මොවුනට හිමි විඩා බර දිටිය තුල මනුෂත්වය.සදාචාරය ගැබ්වේයැයි සිතිය හැකිද?
    මේ ද්විත්වයම දෙස බලා සිටින වීදි මාවතේ දරුවන් ද දරුවෝමය.ඵසේම අනෙක් දරුවන් බබාලා.බේබිලා වීමටත් වීදි දරුවන් සිගන කොල්ලන්.කෙල්ලන් වන්නේ ද සමාජයේ සැලකිල්ල මතයි.පෑනේ. පොතේ මකන කැබැල්ලේ සුවද දැනිය යුතු කාලයේ  පටන් ඔවුන් දූවිලි මඩ සුවද අතරින් මුදල් සොයන්නේ කුස පුරව ගන්නටයි.
මේ අතර තුර තවත් නොදුටු පරපුරක් ගබ්සාවට බිලි වේ.ඵ් ලාංකීය මව‌ට නූපන් පරපුරයි.තවත් දරු පරපුරක් තම මව,පියා සොයාගත නොහැකිව අනාත නිවාස දොරකඩ මග බලමින් සිටී.මේ අතරේ තම මව විසින්ම දරුවා ගගට.ඇලට විසිකරන්නේය. විටෙක තම පියා විසින් දරුවා දූෂණය කරයි.ඵකල සුරංගනා කතන්දර බදු වූ දෑ අද දෑස මානයේ  යථාර්තයක් වී හමාරය.
  සමාජයක්.රටක්. ලෝකයක් බබළවන දරු පරපුර මෙකී යථාරතයන්ගෙන් බේරා ගෙන ඔවුන්ගේ දිවිය ද මනුෂත්ව ද රැක ගන්නට අප උත්සුක විය යුතුමය.
-- නදී

Thursday, August 1, 2019

Exam..

                                                                                         
                                   EXAM...                                                                                         


                            හිත අතරමං කරන,
                            හද ගැස්ම පොපියවන,


      හැමදේම එපා වෙන,
      මේ දේම ඕන වන,



            කාලයයි ජිව්තය තීරණය කරල දෙන.
            කාලයයි විභාගය ජීවිතය භාරදෙන
             
                         
                                                    ---- නදි----

Sunday, July 28, 2019

Exam කාලේ ආතතිය වැඩියි නම් පරිස්ස්ම්න්

ආතතිය වැඩි නම්  ආතරයිටිස් වැඩි වෙනවා.
ඉන්දියානු ආයුර්වේද ක්‍රමයන්ට අනුව ආතරයිටිස් අවස්ථාවකදී  රෝගියා කටයුතු කල යුතතේ මෙන්න මෙහෙමයි.

 01.උදෑසනින් අවදිවෙන්න.ඊට පසු ඇල් මැරුණ උණු වතුර වීදුරුවකට දෙහි බෑයක යුශ එකතු කර හිස්බඩම පානය කිරන්න.

02.ආහාරයට නිතරම උලුහාල් එකතු කරන්න.

03.උලුහාල් මේස හැන්දක් තලතෙල්වලින් අබරා සන්ධ්වල ආලේප කරන්න.

04.භාවනා ක්‍රමයකට හුරු වෙන්න.

05.උණු කරන ලද පොල් තෙල් හා තල තෙල් මද රස්නෙට සන්ධ්වල ආලේප කරන්න.

06.නින්ද ක්‍රම්වත් කර ගන්න.

7.අඹරන ලද ඉගුරු 2 g ක් මිශ්‍ර කරන ලද  එඩරු තෙල් මේස හැන්දක් දිනපතාම රාත්‍රී ආහාරයට පෙර පානය කරන්න.

Saturday, July 27, 2019

හිතෙන දේ.

අහස කලුවර
 වැටෙන හැමදාක
 නුබේ මතකය
 සිත දවනවා,....

කොහේ හෝ ඈත 
 ඇහෙන මළබෙර 
සද්දෙටත් අද මම
 ගුලි ගැහෙනවා.....

පෙර මතක මගෙ
 ඇවිත් හිමිහිට ලගට
පපුව මැද 
හිරකරනවා....

අප්පච්චී නුබ 
නිදනවා ඇති 
ඒත් පොඩි දුව
 අඩනවා..,

හැකිවුනොත් තව 
එකම එක දිනක
 දකින්නට මට 
නුබේ ඹය වත,
සත්තමයි මම
 දුවඇවිත් නුබ ලගට
 ඇතිතරම් මං සිබිනවා.....

Thursday, July 25, 2019

වෙනමොනවද සුද්දී...





අම්මා කෙනෙක් කුසට ආපු දරුවත් මග දාලයද්දී,

චූටි කාලෙ ඉදල බලා ගත්ත මවත් විසිකරද්දී,

මගුල් අරන් ගෙනා කුමරි ඩිවෝස් එකත් අරන් එද්දී,

වෙන මොනවාද අපේ ලගම තියෙන්නෙ නොවෙනසව සුද්දී............


හොදම බොක්ක කියල හිතුව එකාට වෙන එකෙක් ඉද්දී,

සහෝදරීත් ලගම ඉදල කසාදයක් බැදලා යද්දී,

 අවංකවම ආලේ කරපු කොල්ලත් මග දාලා යද්දී,

වෙන මොනවාද අපේ ලගම
තියෙන්නෙ නොවෙනස්ව සුද්දී......

----නදී ------

Tuesday, July 23, 2019

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන අංග

ජලාශයේ ධාරිතාව-ඝන මිටර් මිලියන 570.

        වේලි වර්ග
උස (මීටර්)
දිග(මීටර්)
ප්‍රධාන වේල්ල
58.7
471
කොන්ක්‍රීට් වේල්ල
58.0
375
පස් වලින් සෑදු වේල්ල
21.0
275

කළු ගග ජලාශය
වේලි වර්ග
උස(මීටර්)
දිග(මීටර්)
ප්‍රධාන වේල්ල
68
624
සැදිලි වේල්ල
28
692

  • මොරගහකන්ද කළුගග ජලාශ සම්බන්ධ කරන උමග සහිත ඇළ මාර්ගය.

  • සම්බන්ධිත උමන් මාර්ගය- දිග 7.85 කි.මි
  • සම්බන්ධීත ඈළ මාර්ග- දිග මීටර් 472
  • ධාරිතාව-තත්පරයට ඝන මීටර් 35
  • ගිනිපෙට්ටි පාලම-02
  • ඉහළ ඇලහැර ඇළ

Friday, July 19, 2019

මේ වස් කාලයයි .

                                                                            මේ වස් කාලයයි......

බුදුරදුන් දවස ඇසළ මාසයේ වස්‌ එළඹීමට භික්‌ෂුහු සූදානම් වූහ. ඇසළ මාසය දඹදිව සැණකෙළි මාසයයි. ජාතක පොතේ මේ පිළිබඳ නොයෙක්‌ කථා එයි. මහාමායා දේවිය ඇසල සැණකෙලියට සූදානම් වූ බව දැක්‌වේ. ගිරග්ග සමඡ්ජ උත්සවය පවත්වන්නේ ද ඇසල මාසයේය. මෙසේ ඇසල මාසය සැණකෙළි මාසය නිසා බිම්බිසාර රජු ඇසල මාසය වස්‌ නොඑළඹ මාසයක්‌ කල් යවන මෙන් භික්‌ෂුන්ගෙන් ඉල්ලීය. භික්‌ෂුහු බුදුරදුන් විමසූහ. බුදුරදුන් වදාළේ රාජ නියමයට අනුව කටයුතු කරන්න කියාය. වස්‌ එළඹීම පිළිබඳව එසේත් සිදුවී ඇත. මේ කරුණු අනුව වස්‌ එළඹීම භික්‌ෂුන්ගේ නියමිත කාර්යයක්‌ විනා දායකයන්ගේ කාර්යයක්‌ නොවේ. වස්‌ කාලය තුළ සිව්පසයෙන් උපස්‌ථාන කොට කුසල් සිදුකර ගැනීමට දායකයන්ට අවස්‌ථාව තිබේ.
         අද වස්‌ එළඹීම කරන්නේ රාත්‍රි කාලයේමය. ඒ දායකයන් පැමිණ වස්‌ ආරාධනා කිරීම අද සිරිකත් බැවිනි. වස්‌ එළඹීව රාත්‍රි කාලයේම කළ යුතු නැත.ඇසල පසළොස්‌වක ගෙවී අරුණ නැංග පසුව උදේ හෝ දවල් හෝ වස්‌ එළඹීමට පුළුවන. ආරාමයක වස්‌ එළඹෙන්නේ නම් ඉමසමිං විහාරෙ වස්‌සං උපෙමි යනුවෙන්ද නැවත ආදී තැනක වස්‌ එඹෙන්නේනම් ඉධ වස්‌සං උපෙමි යනුවෙන්ද අධිෂ්ඨානයෙන් යුතුව වස්‌ සමාදන් විය යුතුය.

බලා හිදිමි


Monday, July 15, 2019

දැව ගැන දැනගතයුතු දේ.

දැව ගැන දැනගත යුතු දේ....

මිනිසාටත් සහ සතුන්ටත් එක හා අවශ්‍ය වන්නා වූ ශාක කපා ගත් පසු ඒවා දැව බවට පත් වෙයි. මෙසේ කපා ගන්නෙ අතිශය වැදගත් වන්නා වූ ස්වභාවික සම්පතක් වන හෙයින්  රජය විසින් ඒ සදහා වූ ආරක්ෂක නීති රීති ගෙන එනු ලබයි.

වරින් වර සංශෝධනය වෙමින් දැනට ක්‍රියාත්මක වන්නේ 2009 අංක 65 දරණ පනත සහ 2000 අංක 1 දරණ ගස් හෙලීමේ පාලනය කිරීමේ පනතයි. ඉඩම්ක ගස් කපා ගැනීමට සහ එය ලී මෝලකට ප්‍රවාහනය කරන අවස්ථාවකදී ද ඉරූ දැව උලුවහු ජැනෙල් ඇතුලු දැවමය නිපයුම් ප්‍රවාහනය කිරීම යන් ප්‍රධාන අවස්ථාවන්හිදී මෙම පනත් ක්‍රියාත්මක වේ.

කොස් දෙල්,ගම් දෙල්,රට දෙල්,ගැහැනු තල්, යන වරග් වල ගස් කැපීම කල යුත්තේ බලය ලත් නිලධාරියෙකුගේ වලංගු බලපත්‍රයක් සහිතවය. ජය භූමි ඔප්ප,ස්වර්ණ භූමි ඔප්පු වැනි වලංගු පිබුරුපත් නොමැති ඉඩම් පුද්ගලික ඉඩම් සේ සැලකෙන නමුත් එම ඉඩම්හි ගස් කැපීම්ට ද බලපත්‍ර අවශ්‍ය වේ. එසේම රජයේ ඉඩම් වල ගස් හෙලීමට ද බලපත්‍ර අවශ්‍ය වේ.
        2009 මැයි 18 දරණ  ගැසට් නිවේදනයේ  දැව ,වට කණු, උණ සහ වේවැල් වර්ග,ගම් හා මැලියම් වර්ග,දර හා ඉනධන පොතු වර්ග ,බෙහෙත් පැලෑටි ආදිය ප්‍රවාහනය සදහා ද බලපත්‍ර අවශ්‍ය වේ.තවද ලංකාවෙ පවතින දිස්ත්‍රික්ක 25 ක් තුල බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කල නොහැකි දැව වර්ග තිබේ.නමුත් එය විශේෂ ගැසට් නිවේදනය අංක 1545/29 දරන කැලෑ නියෝගය සංශෝධනය කර දිස්ත්‍රික්ක 17ක් ප්‍රවාහනයට අවසර හිමි නොවූ දැව කිහිපයක් ප්‍රවාහනයට අවසර දී තිබේ.

ඊට අමතරව තම අයිතිය සනාත කර නොහැකි දැව කිසිවක් ලග තබා ගැනීමට නොහැකිය .  නමුත්               
 පොල්,රබර්,පුවක්,කජු,කැන්ද,පුලුන්,ලුණු මිදෙල්ල ආදිය තහනමෙන් ඉවත් කර ඇත.

මෙකී නීති රීති කඩ කරහොත් රු 200,000,00 දක්වා දඩ මුදල් ද වසර 5ක සිර දඩුවම් ද නියම වේ. අනවසර ප්‍රවාහනයක් නම් රු 25000ක් සහ වසර 2ක සිර දඩුවමට ද ලක් වේ..

ජී.කේ.වී නදීකා දර්ශනී.
කැලණිය විශ්වවිද්‍යාලය

Wednesday, July 3, 2019

නැට්ටිච්චී

නැට්ටිච්චි.
          10,9,8.7.6,5,4,3.2................එක කියන ඉලක්කම sir ගේ කටින් ඇහෙන තෙක් ,කකුල් දෙක වෙව්ල වෙව්ල මැණ්ඩියේ සිටියේ ලස්සනට නටන්න හැඩ හදා ගන්නටයි.  නොකා නොබී හරි ඇගේ shape එක හදා ගන්නෙත් ලස්සනට නටන්නටයි.  ඇග පත රිදෙනකම් නටලා,රෑට ඇවිත් කකුල් වල තෙල් ගාන සනිීපෙට  වැහෙන ඇස් වල ඇදෙන්නෙත් නැට්ටිච්චි‍යක්මයි. “තත්, ජිත්, තොං, නං, තා“ කියලා නටනවා දැක්ක ගමන් මටත් හිතුනේ නැටුම් කියන්නෙ simple දෙයක් කියලා. ඇත්තෙන්ම නර්තනය වූූ කලිී පූජනීය,රසවත් කලාවක්. ගොඩක් අමාරුවෙන්,ඉවසීමෙන්,කැපවීමෙන්,වේදනාවෙන් වුවත් හිනාවෙලා රසයක් දියයුතු කලාවක්.
“නැට්ටිච්චි“ කීව ගමන් ඔබට එන්නෙ මොන වගේ හැගීමක්ද? ඇත්තෙන්ම එය විවිධ අයට විවිධ විදියට දැනෙනවා ඇති. නැට්ටිච්චි කියලා සමාජෙ හන්වඩු ගහන ඒ  වචනෙට මං නම් ගොඩාක් ආදරෙයි. ඉස්කෝලේ 6 වසරෙදී Bucket subject එකකට හරි ආසාවෙන් dancing තෝරගන්න කෙල්ලෙක් උඩරට,පහතරට,සබරගමු නැටුවොත් හරිම ලස්සනයි, සංවරයි. නමුත් එසේ කියන කටම,එසේ කියන හිතම වන්නම් නටද්දි නිදියගෙන,පොඩ්ඩක් ගස්සලා පද්දලා නටද්දි One more කියනු නොඅනුමානය. කෙතරම් සාම්ප්‍රදායික යැයි පෙන්වීමට උත්සහ දැරුවද, කෙතරම් සංවරයි යැයි පෙන්වීමට උත්සහ දැරුවද මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක්.
                                      Wedding එකක. musical show එකක, function එකක කෙල්ලෙක් නටන්න යන්නෙ තමන්ගෙ talent එක නිසා වෙන්න පුලුවනි . එසේත් නැතිනම් Part time job එකක් වෙන්න පුලුවනි. නැත්තම් තමන්ගෙ job එක වෙන්න පුලුවනි. නමුත් ඒ කිසිවක් නොසිතන සමාජය නැට්ටිච්චිගෙ ඉග සුග පෙනුනහොත් එය ඔවුන්ට ප්‍රශ්නයකි. Wedding එකකදි නම් මොහොතක් හැරිලා බලන්න මනමාලී ඔසරිය ඇදන් ඉන්නෙ ඉග සුග වැහෙන්නද? මොහොතක් බලන්න මනමාලිගෙ මව ඇදන් ඉන්නෙ ඉග සුග වැහෙන්නද? නැට්ටිච්චි දුහුල් ගවුමක් ඇදලා ඇති
කමක් නෑ ගිහින් උස්සලම බලන්න. ඒකි යටට Jean එකක් ඇදලා ඇති. ඒත් wedding එකේ දනටත් උඩට පනාගෙන ඇදන් ඉන්න ගව්මට යටින් jean එකක් නැතුව ඇති. Group එකම එකතු වෙලා එක සිංදුවකට ලස්සනට හිනාවෙලා නටන නැටුම සමාජය විසින් නොහොබිනා වූවක් යැයි සිතයි. නමුත් Dancing floor එකක වයින් Shot එකක් දාගෙන බියර් ටිකක් බීගෙන උමතුවෙන් වගේ නටන පවුලේ කෙල්ලගෙ Dance සුපිරි වෙලා. ඒ වගේම මේ හැමදේම ලංකාවට පමනක් උරුම වෙලා. සුද්දෙක් අපේ නැටුමක් video කරද්දී සිංහලයා ඒ මොහොතෙත් shot එකක් දාගෙන නැට්ටිච්චිට කට කොනෙන් සිනාසෙන්නේ ද එම නිසා ය. මිනිස්සු කියන ජාතිය මේ කිසිවක් නොසිතා හැංගී හැංගි රෙදි ලිහන නමුත් නැට්ටිච්චියක් පොඩ්ඩක් ඉනක් ගැස්සුව සැනින් දාහක් කතන්දර සාදා අවසන්. එක අම්මෙක් ආදරෙන් හදපු දුවක්, අනේක‍ දුක් විදලා ඉගෙන ගත්ත කලාවෙන් කාසි සෙවීම,ගණිකාවක වෙනවාට වඩා කෙතරම් වාසනාවක් ද? නමුදු ගණිකාවක නොවන ඇය,සුපිරිසිදු කෙල්ලක වන ඇය වෙත යහපත් කෝණයක් ඇදෙන්නේ නැතිමද? ඒ කෙල්ල කාලද? ඒ කෙල්ල අසනීපයෙන්ද? හිතේ සතුටින්ද? අතේ සනේ තියනවද? කියන ප්‍රශ්න ටික ගැන ඔබ නිකමටවත් නැටුම අතරින් සොයන්නේ නැත. විටෙක මේ ලිපිය කියවන ඔබටත් ඒ හැගීම එන්න ඇති. එහෙත් සල්ලි වලට,බලයට ලොකු  ලොකු නෝනල, මහත්වරු කරන වැඩ එක්ක බලද්දී නැට්ටිච්චි කෙතරම් Respect  ද?
                                          හිතේ, ගතේ දුක වේදනාව පිරිල ඉතිරිලා ගියත් හැමදාම හිනාවෙලා නටන්න ඇයට සිද්ද වුනා.ඒ හිනාව ඒ කලාව ඔබේ හිතත් එක දවසක් හරි සැනසුවේ නෑ කියනවනම් එය බොරුවකි. නැටුම් බලාපු නුුබ නැට්ටිච්චිව 2.50 ට දැම්මත් සැබවින්ම රසවින්දද බැන්නද නොඅසාම ඇය නුබට Bow කලාය. එවිට බොහෝ දෙනාගේ දෑත් එකතු නොවේ. ඒ් හඩ නොඇසෙන හිතට දැනෙන වේදනාව නටල නටල හාමත් වු විට දැනෙන වේදනාව පරදවයි.  ඉතිං මොහොතක් සිතා බලා නටලා ඉවර වුනාම නැට්ටිච්චිගේ හිතේ සතුට වෙනුවෙන් ඔය දෑතින් අත්පුඩියක් ගහමු නේද?               
                                                                        ජී.කේ.වී.නදීකා දර්ශනී.
                                                                                   කැලණිය විශ්වවිද්‍යාලය

මිතුදම්