නැට්ටිච්චි.
10,9,8.7.6,5,4,3.2................එක කියන ඉලක්කම sir ගේ කටින් ඇහෙන තෙක් ,කකුල් දෙක වෙව්ල වෙව්ල මැණ්ඩියේ සිටියේ ලස්සනට නටන්න හැඩ හදා ගන්නටයි. නොකා නොබී හරි ඇගේ shape එක හදා ගන්නෙත් ලස්සනට නටන්නටයි. ඇග පත රිදෙනකම් නටලා,රෑට ඇවිත් කකුල් වල තෙල් ගාන සනිීපෙට වැහෙන ඇස් වල ඇදෙන්නෙත් නැට්ටිච්චියක්මයි. “තත්, ජිත්, තොං, නං, තා“ කියලා නටනවා දැක්ක ගමන් මටත් හිතුනේ නැටුම් කියන්නෙ simple දෙයක් කියලා. ඇත්තෙන්ම නර්තනය වූූ කලිී පූජනීය,රසවත් කලාවක්. ගොඩක් අමාරුවෙන්,ඉවසීමෙන්,කැපවීමෙන්,වේදනාවෙන් වුවත් හිනාවෙලා රසයක් දියයුතු කලාවක්.
“නැට්ටිච්චි“ කීව ගමන් ඔබට එන්නෙ මොන වගේ හැගීමක්ද? ඇත්තෙන්ම එය විවිධ අයට විවිධ විදියට දැනෙනවා ඇති. නැට්ටිච්චි කියලා සමාජෙ හන්වඩු ගහන ඒ වචනෙට මං නම් ගොඩාක් ආදරෙයි. ඉස්කෝලේ 6 වසරෙදී Bucket subject එකකට හරි ආසාවෙන් dancing තෝරගන්න කෙල්ලෙක් උඩරට,පහතරට,සබරගමු නැටුවොත් හරිම ලස්සනයි, සංවරයි. නමුත් එසේ කියන කටම,එසේ කියන හිතම වන්නම් නටද්දි නිදියගෙන,පොඩ්ඩක් ගස්සලා පද්දලා නටද්දි One more කියනු නොඅනුමානය. කෙතරම් සාම්ප්‍රදායික යැයි පෙන්වීමට උත්සහ දැරුවද, කෙතරම් සංවරයි යැයි පෙන්වීමට උත්සහ දැරුවද මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක්.
Wedding එකක. musical show එකක, function එකක කෙල්ලෙක් නටන්න යන්නෙ තමන්ගෙ talent එක නිසා වෙන්න පුලුවනි . එසේත් නැතිනම් Part time job එකක් වෙන්න පුලුවනි. නැත්තම් තමන්ගෙ job එක වෙන්න පුලුවනි. නමුත් ඒ කිසිවක් නොසිතන සමාජය නැට්ටිච්චිගෙ ඉග සුග පෙනුනහොත් එය ඔවුන්ට ප්‍රශ්නයකි. Wedding එකකදි නම් මොහොතක් හැරිලා බලන්න මනමාලී ඔසරිය ඇදන් ඉන්නෙ ඉග සුග වැහෙන්නද? මොහොතක් බලන්න මනමාලිගෙ මව ඇදන් ඉන්නෙ ඉග සුග වැහෙන්නද? නැට්ටිච්චි දුහුල් ගවුමක් ඇදලා ඇති
කමක් නෑ ගිහින් උස්සලම බලන්න. ඒකි යටට Jean එකක් ඇදලා ඇති. ඒත් wedding එකේ දනටත් උඩට පනාගෙන ඇදන් ඉන්න ගව්මට යටින් jean එකක් නැතුව ඇති. Group එකම එකතු වෙලා එක සිංදුවකට ලස්සනට හිනාවෙලා නටන නැටුම සමාජය විසින් නොහොබිනා වූවක් යැයි සිතයි. නමුත් Dancing floor එකක වයින් Shot එකක් දාගෙන බියර් ටිකක් බීගෙන උමතුවෙන් වගේ නටන පවුලේ කෙල්ලගෙ Dance සුපිරි වෙලා. ඒ වගේම මේ හැමදේම ලංකාවට පමනක් උරුම වෙලා. සුද්දෙක් අපේ නැටුමක් video කරද්දී සිංහලයා ඒ මොහොතෙත් shot එකක් දාගෙන නැට්ටිච්චිට කට කොනෙන් සිනාසෙන්නේ ද එම නිසා ය. මිනිස්සු කියන ජාතිය මේ කිසිවක් නොසිතා හැංගී හැංගි රෙදි ලිහන නමුත් නැට්ටිච්චියක් පොඩ්ඩක් ඉනක් ගැස්සුව සැනින් දාහක් කතන්දර සාදා අවසන්. එක අම්මෙක් ආදරෙන් හදපු දුවක්, අනේක දුක් විදලා ඉගෙන ගත්ත කලාවෙන් කාසි සෙවීම,ගණිකාවක වෙනවාට වඩා කෙතරම් වාසනාවක් ද? නමුදු ගණිකාවක නොවන ඇය,සුපිරිසිදු කෙල්ලක වන ඇය වෙත යහපත් කෝණයක් ඇදෙන්නේ නැතිමද? ඒ කෙල්ල කාලද? ඒ කෙල්ල අසනීපයෙන්ද? හිතේ සතුටින්ද? අතේ සනේ තියනවද? කියන ප්‍රශ්න ටික ගැන ඔබ නිකමටවත් නැටුම අතරින් සොයන්නේ නැත. විටෙක මේ ලිපිය කියවන ඔබටත් ඒ හැගීම එන්න ඇති. එහෙත් සල්ලි වලට,බලයට ලොකු ලොකු නෝනල, මහත්වරු කරන වැඩ එක්ක බලද්දී නැට්ටිච්චි කෙතරම් Respect ද?
හිතේ, ගතේ දුක වේදනාව පිරිල ඉතිරිලා ගියත් හැමදාම හිනාවෙලා නටන්න ඇයට සිද්ද වුනා.ඒ හිනාව ඒ කලාව ඔබේ හිතත් එක දවසක් හරි සැනසුවේ නෑ කියනවනම් එය බොරුවකි. නැටුම් බලාපු නුුබ නැට්ටිච්චිව 2.50 ට දැම්මත් සැබවින්ම රසවින්දද බැන්නද නොඅසාම ඇය නුබට Bow කලාය. එවිට බොහෝ දෙනාගේ දෑත් එකතු නොවේ. ඒ් හඩ නොඇසෙන හිතට දැනෙන වේදනාව නටල නටල හාමත් වු විට දැනෙන වේදනාව පරදවයි. ඉතිං මොහොතක් සිතා බලා නටලා ඉවර වුනාම නැට්ටිච්චිගේ හිතේ සතුට වෙනුවෙන් ඔය දෑතින් අත්පුඩියක් ගහමු නේද?
ජී.කේ.වී.නදීකා දර්ශනී.
කැලණිය විශ්වවිද්‍යාලය
Eeka maru
ReplyDeleteඒක මරු නදියො..
ReplyDeleteThnks all
ReplyDeleteNettichi
ReplyDeleteYaaaaaa
DeleteNadeeya patta
ReplyDeleteThnnk uuu
DeleteEka supiri nadiyaa
ReplyDeleteසුපිරියි nadiyooo
ReplyDeleteThanks
Delete👌👌👌👌👌👌👌👌👌👌👌👌
ReplyDelete👍👍
ReplyDeleteLassanai bn eka.💖
ReplyDeleteThank you
DeleteEka lassanai
ReplyDeleteThanks
DeleteThank you
ReplyDeleteAththa kathawa
ReplyDeleteWell said ☺️☺️
ReplyDelete