මේ වස් කාලයයි......
බුදුරදුන් දවස ඇසළ මාසයේ වස් එළඹීමට භික්‌ෂුහු සූදානම් වූහ. ඇසළ මාසය දඹදිව සැණකෙළි මාසයයි. ජාතක පොතේ මේ පිළිබඳ නොයෙක් කථා එයි. මහාමායා දේවිය ඇසල සැණකෙලියට සූදානම් වූ බව දැක්‌වේ. ගිරග්ග සමඡ්ජ උත්සවය පවත්වන්නේ ද ඇසල මාසයේය. මෙසේ ඇසල මාසය සැණකෙළි මාසය නිසා බිම්බිසාර රජු ඇසල මාසය වස් නොඑළඹ මාසයක් කල් යවන මෙන් භික්‌ෂුන්ගෙන් ඉල්ලීය. භික්‌ෂුහු බුදුරදුන් විමසූහ. බුදුරදුන් වදාළේ රාජ නියමයට අනුව කටයුතු කරන්න කියාය. වස් එළඹීම පිළිබඳව එසේත් සිදුවී ඇත. මේ කරුණු අනුව වස් එළඹීම භික්‌ෂුන්ගේ නියමිත කාර්යයක් විනා දායකයන්ගේ කාර්යයක් නොවේ. වස් කාලය තුළ සිව්පසයෙන් උපස්‌ථාන කොට කුසල් සිදුකර ගැනීමට දායකයන්ට අවස්‌ථාව තිබේ.
අද වස් එළඹීම කරන්නේ රාත්‍රි කාලයේමය. ඒ දායකයන් පැමිණ වස් ආරාධනා කිරීම අද සිරිකත් බැවිනි. වස් එළඹීව රාත්‍රි කාලයේම කළ යුතු නැත.ඇසල පසළොස්‌වක ගෙවී අරුණ නැංග පසුව උදේ හෝ දවල් හෝ වස් එළඹීමට පුළුවන. ආරාමයක වස් එළඹෙන්නේ නම් ඉමසමිං විහාරෙ වස්‌සං උපෙමි යනුවෙන්ද නැවත ආදී තැනක වස් එඹෙන්නේනම් ඉධ වස්‌සං උපෙමි යනුවෙන්ද අධිෂ්ඨානයෙන් යුතුව වස් සමාදන් විය යුතුය.
Maru
ReplyDelete🙏🙏🙏
ReplyDelete👍👍👌👌👌
ReplyDelete👍 👍 👍 👍
ReplyDelete😍😍😍
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteFont color aka clear madi
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete